කොරෝනා රෝගය මුළු ලෝකයම වෙළාගද්දි සමහරු ජීවිතේ එක එක පැති ගැන හිතන්න පටන් අරන්.
සොබාදහමට පිටින් මේ ලෝකේ කිසි දෙයක් කරන්න බැහැ.
අපි මේ කියන්න යන්නේ කොවිඩ් ආසාදනය වුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ තරුණයෙක් තැබූ සටහනක් ගැනයි..
ඔබත් මේ සටහන කියවලා බලලම තීරණය කරන්න මොහු කියපු කතාව ගැන.
මේක පින් බිමක්.
අහිංසක මුහුදේ ජීවත්වන මාළුත් ජීවත් වෙන්න කැමතියි. කාටවත් කරදරයක් නැති අහිංසක ව ජීවත් වෙන ජීවියෙක් ව මරලා පන් ආදීන්ද දීලා විකුණලා ජීවිතේ සතුටු වෙලා ගෙවා ගත්ත මිනිස්සුන්ට අද ජීවිතේ මරණ බය දීලා තියෙනවා.
මාළු මැරෙනවා මට පේනවා.මාළු පණ අදිනවා ලේ යනවා කපනකොට උන් දගලපු විදිය ඒ අහිංසක සත්ව කොට්ඨාසය ජීවිත දානය ඉල්ලපු විදිය මට මතක් වෙනවා.
මට සමාවෙන්න බුදුහාමුදුරුවනේ. දරුවන් වෙනුවෙන් මගේ ජීවිතය ආරක්ෂා කරල දෙන්න.මම මරණ මංචකයට ලං වෙනකොට මට හුස්ම ගන්න අමාරු වෙන කොට මේ කාලකන්නි රෝගය හැදිලා අහිංසක දුප්පත් අපිට අපේ පවුල් අනාථ වෙනවා කියලා දැනෙනකොට ඒ සතාගේ දුක මට තේරෙන්න පටන් ගත්තා.
මම දන්නවා ඒක පරක්කු වැඩියි දැනටත්.මේ පිංබිමේ මගේ දරුවන් බිරිඳ පවුලේ අය කරපු පිනකට මගේ ජීවිතය රැකුණොත් මම ඔවුන් වෙනුවෙන් ඒ සත්වයන්ට පුළුවන් තරම් ජීවිත දානය දෙනවා.
ආයෙ කුණු කානු හේතු අත් සතෙක්ගේ ජීවිතය මරලා විකුණලා මළකුණක් කාල තවත් ජීවිතේ ක් අයිතිවාසිකමක් අහිමි කරලා ජීවත් වෙන්න සතෙක්ට තියෙන නිදහස නැති කරලා මගේ දරුවෝ ජීවත් කරන්නෑ මම.
අද ස්වභාව ධර්මය අපිට දඬුවම දීලා තියෙනවා.
සල්ලි තාවකාලිකයි. ජීවිතයත් තාවකාලිකයි. මට මේ දේ හිතුන දේ ලියා ගන්නට උදව් කරපු සුරංග මල්ලිටත් ගොඩක් ස්තූතියි.
මම මැරුණොත් මගේ දරුවෝ බිරින්දෑවරු වෙනුවෙන් මගේ වෙනුවෙන් මගේ ඉන්න හැම කෙනාගෙම ඉල්ලනවා මත්ස්‍ය සම්පතට ජීවිත දානය දෙන්න උන්ව ගොඩට ගෙනල්ලා පණ දඟල දඟල ඉද්දි කපලා මරලා කන්ඩ විකුණන්න එපා.
මගේ දරුවෝ තුන්දෙනත් ලොකු වුණහම මේක බලයි අනේ පුතේ දුවේ මම මැරුණොත් උඹලා මේක බලලා අහිංසක මස් මාළු කිසි දෙයක් කන්න එපා තව කෙනෙක්ගෙ ජීවිතේ නැති කරලා ජීවත් වෙන්න එපා.
අහිංසක තමට සල්ලි නැතිකමට නොදන්නකමට මිනිස්සු කරපු වරදට සමාව දෙන්නට බුදු හාමුදුරුවනේ.
Covid රෝගයට ගොදුරු වූ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ තරුණ වෙළෙන්දෙක්..IDH රෝහලේ සිට..
