Gossip News

මාලිංගගේ වාර්තාගත ලෝක වාර්තාව – විස්තරය මෙන්න

ලසිත් මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති 3 වන සහ අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය ලකුණු 37 කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 8 ක් දැවී රැස් කළේ ලකුණු 125 ක් පමණයි.

ධනුෂ්ක ගුණතිලක පන්දු 25 කදී ලකුණු 30 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ සියළුම පිතිකරුවන් පන්දුවාර 16 කදී ලකුණු 88 කට දවා ගැනීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් වුණා. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග නවසීලන්ත කණ්ඩායමේ කඩුළු 5 ක් දවා ගත්තේ සිය පන්දුවාර හතරේදී ලකුණු 6 ක් පමණක් ලබාදෙමින්.

සිය දෙවන පන්දු වාරයේ අවසන් පන්දු හතරේදී පිට පිට කඩුළු 4 ක් බිද හෙළීමට ලසිත් මාලිංග සමත් වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී එවැනි දස්කමක් අවස්ථා දෙකකදි දැක්වූ පළමු ක්‍රිඩකයා ලෙස ඉතිහාසයට එක්වෙමින්. කොලිං මුන්රෝ, හමීෂ් රදර්ෆෝඞ්, කොලිං ග‍්‍රෑන්ඞ්හෝම් සහ රොස් ටේලර් මාලිංග යොමුකළ පන්දු 4 ක් හමුවේ පිට පිටම දැවී ගියා.

ඒ අනුව මෙම තරගයේදී ලසිත් මාලිංග වාර්තා කළේ විස්සයි විස්ස පිටියේදී ලබාගත් 2 වන කඩුළු ත්‍රිත්වයයි. එක්දින පිටියේදීද කඩුළු ත්‍රිත්ව 3 ක් වාර්තා කිරීමට මාලිංග සමත් වුණා. නවසීලන්ත ඉනිමේපළමු කඩුල්ල ලෙස කොලින් මුන්රෝ දවාගත් ලසිත් මාලිංග ජාත්‍යන්තර 20යි 20 ක්‍රිකට්තරඟවලදි කඩුලු 100ක් ලබා ගත් පළමු ක්‍රිඩකයා බවට පත් වුණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!