මළ සිරුරකට යුක්තිය ඉටුකිරීමට ගොස් රටම මිනී වළ වෙත තල්ලු කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ ( 07දා ) රාත්‍රි ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
මෙවැනි මොහොතක දේශපාලන, ජාතික, ආගමික වශයෙන් සිතා තීන්දු නොගත් බවද සියලු දේශපාලන පක්ෂ නායකයින් ඉතා උනන්දුවෙන් රජයට සහාය දීමට ඉදිරිපත් වී ඇති මේ අවස්ථාවේ ආගමික හා ජාති වශයෙන් බෙදී වෙන් වී නොසිතිය යුතු බවද අගමැතිවරයා අවධාරණය කළේය.
“මළ මිනියකට යුක්තිය ඉටුකරන්න ගිහින් රටක් මිනී වළ වෙත තල්ලු කරන්න අපට බෑ. මේ ආගමික, ජාතියක විශේෂ වුවමනා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන වෙලාවක් නෙවෙයි.
පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් විතරයි අපට මේ මිනී වළෙන් එහාට පනින්න පුළුවන් වෙන්නේ කියන කාරණය සියලු දෙනාම මතක තියා ගන්න ඕනෑ ” යැයිද අගමැතිවරයා කීවේය.
