මහමැතිවරණය පැවැත්වීමට රට සාමාන්‍ය තත්වයට පත්වීමෙන් අනතුරුව සති පහක කාලයක් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා.
තවමත් මැතිවරණ දිනයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තීරණයක් ගෙන නැතැයිද මැයි 23, මැයි 26 ආදී දිනවල ඡුන්දය පැවැත්වෙන බවට විවිධ කටකතා හා ෆෙස්බුක් ප‍්‍රචාර තමාද දුටු බවද සභාපතිවරයා පැවසීය.
ජුනි 6 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමේ සූදානමක් ඇත්දැයි දිවයින කළ විමසීමේදී සභාපතිවරයා පැවසුවේ එවැනි තීරණයක් තවම නැතත් එදිනට තම උපන්දිනය යෙදී ඇති බැවින් එම දිනයට තමාද කැමති බවයි.
කෙසේ වෙතත් මේ සියලූ තත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ලබන 20 දා රැුස්වන බවද ඔහු සඳහන් කළේය.
