තොටළඟ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදුණු ‘කුඩු සඳා’ නමැති හෙරොයින් ජාවාරම්කාරිය හෙරොයින් තොගයක් ද සමග වැලිකඩ පොලිසිය මගින් ඊයේ (02 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබුණා.
දිනේෂ් සඳමාලි නොහොත් ‘කුඩු සඳා’ නමැති මෙම ජාවාරම්කාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 8 ක්, ජංගම දුරකථන 6 ක්, ඒ. ටී. එම්. බැංකු කාඞ් පත් 10 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකුගෙන් ලබා ගන්නා හෙරොයින් තොටළඟ, ග්රෑන්ඞ්පාස්, කොටහේන, බ්ලූමැන්ඩල් ඇතුළු ප්‍රදේශ ගණනාවක් පුරා බෙදා හැර ඇත්තේ කුඩු සඳා නමැති මෙම ජාවාරම්කාරිය බව විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙම ජාවාරම්කාරියගේ හෙරොයින් ව්‍යාපාරයට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
