මහනුවර සිද්ධියට සම්බන්ධ දේශපාලන පිරිස් හෙලි කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
අමාත්‍යවරයා එ් බව පැවසුවේ අද පැවැති මාධ්‍ය හමුවකදීයි.
ජාතික හෙල උරුමයේ කිසිදු පුද්ගලයෙකු ගැටුම් වලට කිසිදු සම්බන්ධයක් නොමැති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව කුපිත කරවන ආකාරයේ ප්‍රකාශ සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ද අනාවරණය කරන ලෙස පොලිසියෙන් ඉල්ලා ඇති බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ.