‘‘බ‍්‍රහ්මාති මාතා පිතරෝ” අප භාග්‍යවතුන් වහන්සේ උතුම් මාතෘත්වයත්, පීතෘත්වයත් හැඳින්වූයේ එලෙසින්.
තම දරුවා කෙරෙහි මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා යන සතර බ‍්‍රහ්ම විහරණයෙන් යුතු මව, පියා බ‍්‍රහ්මයන් බඳු යැයි උන් වහන්සේ හඳුන්වා දී තිබෙනවා.
දරුවා කුසේ පිළිසිඳ ගත් බව දැනගත් දිනයේ පටන් ඇය මෙලොව උතුම් මව් පදවිය ලබනවා; ඔහු උතුම් පිය පදවිය ලබනවා.
ඉතාමත් දුර්ලභ වූ සුගති උපතකට මුල පුරන දරුවා කුස තුළ පිළිසිඳ ගත් දා පටන් මෙලොවට බිහි වන තුරු පෝෂණය කිරීමත්, ආරක්ෂා කිරීමත් මවක විසින් සිදු කළ යුතුයි.
මව් පදවිය තරම් මේ ලෝකයේ වටින දෙයක් වෙන නැති තරම්.
අම්මා කෙනෙක් දරුවෙකු බිහි කිරීමට විඳින වේදනාව දන්නෙ තවත් අම්මා කෙනෙක්ම විතරයි.
පහත ඡායාරූප මගින් ඔබට බලා ගන්න පුලුවන් මවක් තම දරුවෙකු මෙම ලොවට ප්‍රසූත කරන ආකාරය.
