දෙහිවල, කඩවත පාරේ නිවසක මල් පෝච්චිවල ඉතා සරුවට වගා කර තිබූ අඩි හතරහමාරක් පමණ උස ගංජා ගස් පහක් සමග සැකකරුවකු පෙරේදා (13 දා) අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිසිය සමත් විය.
මෙම ගංජා ගස් පහ මල් පෝච්චි පහක වගාකර තිබූ බව ද පොලිසිය කියයි. බස්නාහිර පළාත් බුද්ධි ඒකකය මගින් ලබාදුන් තොරතුරකට අනුව මෙම ස්ථානය වැටලූ බව ද පොලිසිය කියයි. සැකකරු දෙහිවල, නැදිමාල පදිංචි 42 හැවිරිදි අයෙකි.
සැකකරු තම නිවස පිටුපස ගෙවත්තේ මල් පෝච්චි තුළ කිසිවකුටවත් නොපෙනෙන ලෙසට පොලිතීන්වලින් ආවරණය කර මෙම ගංජා සිටුවා තිබූ බවත් ඒ වනවිටත් ඒවා අඩි හතරමාරක් උසට සරුවට වැඩී තිබූ බවත් පොලිසිය පවසයි. මොහු මෙම ගංජා වගා කළේ අලෙවි කිරීමටද? එසේත් නොමැති නම් ඔහුට පානය කිරීමටද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරයි. සැකකරු ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.