පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා පැමිණි පිරිස අතර කාන්තාවක්ද සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ අද (24) පෙරවරුවේදී විදේශ මාධ්‍යවේදීන් අමතමින්.
එමෙන්ම මෙම ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයන් මැදි ආදායම් හෝ ඉහළ මැදි ආදායම් සහ ඉහළ අධ්‍යාපනයක් ලැබූවන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
එසේම මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතරින් එක් අයෙක් එංගලන්තයේ අධ්‍යාපනය ලබා ඔස්ට්‍රේලියාවේදී පශ්චාත් අධ්‍යාපන කටයුතු සිදුකර ඇති අයෙකු බවද අමත්‍යවරයා සඳහන් කරන අතර මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් බොහෝමයකගේ පවුල් ආර්ථිකමය වශයෙන් ස්ථාවර බවද අමාත්‍යවරයා සඳහන් කළා.