Gossip

“මම බෝම්බයක් හදන්න ගන්නේ විනාඩි පහයි, ඒත් තවත් හදන්නේ නැහැ”

“මම බෝම්බ විශේෂඥයෙක්. බෝම්බයකට මම ගන්නේ විනාඩි පහයි.”

අලි ෆවුසි (Ali Fauzi) අල් ඛයිඩා සංවිධානයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායමක සාමජිකයෙකි. ඉන්දුනීසියානු ඉතිහාසයේ කුරිරුතම බෝම්බ ප්‍රහාරය වූ 2002 වසරේ බාලි දූපතේ එල්ල කරන ලද මාරක බෝම්බ ප්‍රහාරය පිටුපස සිටියේ එම සන්නද්ධ කණ්ඩායමයි. එම බෝම්බ ප්‍රහාරයෙන් දෙසීයකට අධික ජීවිත විනාශයක් සිදු කරනු ලැබිණි.

“බාලි බෝම්බ ප්‍රහාරය එල්ල කෙරුවේ මගේ සහෝදරයන්. ඒක ‘බාලි’ සංචාරක කලාපයේ හදවතෙහි ම එල්ල කෙරුණ මහ බෝම්බ ප්‍රහාරයක්.”

ඉහත කී සන්නද්ධ කණ්ඩායම ඉන්දුනීසියානු භූමියෙහි බෝම්බ ප්‍රහාර රාශියක් එල්ල කරනු ලැබ ඇත. එම මාරක බෝම්බ ප්‍රහාරයන්හි ඉලක්ක බවට පත්වුණේ හෝටල් සහ බටහිර රටවලට අයත් තානාපති කාර්යාල වැනි ස්ථානයන්ය. ප්‍රහාරකයන්ගේ මූල කඳවුර නැගෙනහිර ජාවාහි වැඩි කලබලයකින් තොර නිහඬ ගම්මානයකි. එය නැගෙනහිර ජාවා දූපතේ ‘ලමොන්ගන්’ (Lamongan) පළාතේ ‘ටෙන්ග්ගුලුන්’ (Tenggulun) ගමයි.

අපි දැන් යළිත් අලි ෆවුසි (Ali Fauzi) දෙසට යොමුවෙමු. දැන් ඔහුගේ යොමුවීම බෝම්බ හැදීම කෙරෙහි නොවේ. සහමුලින් ම ඊට වෙනස් කාර්යභාරයකි. ජිහාඩ් සංවිධානයේ පැරණි ක්‍රියාකාරිකයන් ප්‍රචණ්ඩ මාවතින් මුදා ගනිමින්, ගිනිකොණ ආසියාවේ සන්නද්ධ කණ්ඩායම්වල මීළඟ ප්‍රහාර රැල්ල සඳහා අලුතින් සාමාජිකයන් බඳවා ගනු ලැබීම වළක්වා ලීම ඔහුගේ කාර්යභාරය වී ඇත.

“පවතින යථාර්ථය නම්, ත්‍රස්ත කණ්ඩායම්වලට පුද්ගලයන් බඳවා ගැනීම ඉතා පහසුවෙන් සිදුකර ගත හැකි වීම,” අලි පෙන්වා දෙයි.

“කරන්න තියෙන්නේ තුවක්කුවේ කොකා ඇදීම පමණයි. ගොඩාක් මිනිස්සු ඔවුන්ට එකතු වෙනවා. නමුත් ඔවුන් ප්‍රචණ්ඩත්වයෙන් මුදා ගන්න කාලයක් ගන්නවා. ඒක කර ගන්න වෙන්නේ පියවරෙන් පියවර.”

එපමණක් නොවේ! අලිට ඔහුගේ අලුත් යොමුවීම සම්බන්ධයෙන් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි මට්ටමේ අන්තරායක් එල්ල වෙමින් පවතී.

මට විරුද්ධව විශාල තර්ජනයක් එල්ල වෙමින් පවතිනවා. ඒක වචන මගින් කෙරෙන තර්ජනයක් නොවෙයි. මරණීය තර්ජනයක්! නමුත් අවංකව ම, එවැනි තර්ජනවලට බියෙන් මම සැලෙන්නේ නැහැ. මම දන්නවා- මම කරන්නේ කුමක් ද? කියල. මම අත ගහපු කාර්යය සම්පූර්ණ කරලා මැරෙන්න වුණත් මම සූදානම්,” අලි ෆවුසි අවධාරණය කරයි.

සිය නිහඬ ගමේ සිටිමින්, පලස්තීනයේ-ඇෆ්ඝනිස්ථානයේ සහ බොස්නියාවේ යුද දර්ශන ඇතුළත් වීඩියෝ පට ජංගම දුරකතන ඔස්සේ නැරඹීම අලි ෆවුසි සහ ඔහුගේ සහෝදරයන් සන්නද්ධ කල්ලිවලට සම්බන්ධ වීමෙහි ලා බලපෑමක් විය.

”සාමාන්‍ය ජනයාට එරෙහිව ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කෙරෙන හැටි වීඩියෝ පටවලින් අපි දැක්කා. එවැනි හිරිහැරවලින් මුස්ලිම් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ‘ජිහාඩ්’ ප්‍රහාර එල්ල කරන්න මටත් අවශ්‍ය කළා. මම තරුණයි. අර දර්ශන දැකල, ඇඟේ ලේ උණුවෙලා තිබුණේ. පෙරළා පහර දෙන්න මට අවශ්‍ය කළා.”

ඔහුගේ සහෝදරයන් ඇෆ්ඝනිස්ථානයේ ‘මුජහිදීන්’ කැරලිකරුවන්ට එක්ව සටන් වදින අතරවාරයේ, සිය උපන් බිම ආසන්නයේ රටක රැඳුණ ‘අලි’, දකුණු පිලිපීනයේ මුස්ලිම් නිජභූමියක් වෙනුවෙන් සටන් වදින ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් සමග එකතු විය.

”දකුණු පිලිපීනයේ මම කල්ගත කෙරුවේ ඕනෑ ම මොහොතක මරණය වැළඳ ගැනීමේ සූදානමකින්. මම හැම මොහොතක ම මගේ මරණය ගැන හිතුවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!