ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරය තමා භාරගැනීම තුළින් රටට අහිතකර තීන්දු රැසක් ගැනීමට තිබූ අවස්ථා වැළකී ගිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම් උත්සවය අමතමින්.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු සභාපති අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබුණි.
ඒ නිමිත්තෙන් වන ගුණ සමරු උත්සවය අද(30) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
