සංකේත්ගේ හිතගත් ඇය කවුද?
අචිනි දුලංජලී දිල්හාරා
ඇයව කොහේදිද හමුවුණේ ?
මගේ යාළුවෙක් හරහා තමයි මුලින්ම මට අදුරගන්න ලැබුණේ’ එ ආදර කතාව හරි වෙනස් ආදර කතාවක්’ ඇත්තම කියනවා නම් ඉස්සරවෙලාම ඇයට මගේ හිත ගියේ මාව මුලින්ම ගණන් ගත්තේ නැතිව හිටපු හින්දා’ හැමෝම අපිත් එක්ක කතාබහ කරනවා’ නමුත් ඇය ඉස්සරලාව මාත් එක්ක කතාබහ කළේ නැහැ. ඒකම තමයි හේතුවුණේ මට මේ වගේ සහකාරියක් ලැබුණොත් හොඳයි කියලා.
මේ ආදර කතාවට කොච්චර කාලයක් වෙනවාද?
අවුරුදු හතරකට කිට්ටුයි
ඇය මොනවාද කරන්නේ ?
ඇය පෙර පාසල් ගුරුවරියක්
පදිංචිය එහෙම කොහේද?
ගම්පහ තමයි පදිංචිය’ දැනට නම් විදේශගතවෙලා ඉන්නේ’ එංගලන්තයේ තමයි ඇය ඉන්නේ
ඔබේ රඟපෑමේ කටයුතුවලට ඇයගෙන් ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
අනිවාර්යයෙන්ම ටෙලිනාට්‍ය නරඹනවා’ නරඹලා මගේ අඩුපාඩු පෙන්වා දෙනවා’ මගේ හරියට අඩුපාඩු කියන ලැයිස්තුවේ ඉදිරියෙන් ඉන්න තුන්දෙනා අතරට ඇය ඉන්නවා’ ඇය මගේ රංගන කටයුතු වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබාදෙනවා
ඔබේ තෝරාගැනීම ගැන අම්මා සහ තාත්තා මොනවාද කිව්වේ ?
අම්මා තාත්තා ඉතිං ඉස්සර ඉඳලාම මට තහංචියක් තිබුණේ නැහැ’ ගොඩක් අම්මලාට ඕනෑ තමන් ගේ දරුවා නීතිඥයෙක්” වෛද්‍යවරයෙක් කරන්න’ නමුත් මගේ අම්මා තාත්තා මට හරි මාර්ගය පෙන්වලා දීලා මගේ කැමැත්ත මත ඉදිරියට යන්න ඉඩදුන්නා’ අනික මගේ අම්මා තාත්තා මාව වැරදි මාර්ගයේ යැව්වේ නැහැ’ මම ඇයව හඳුන්වලා දුන්නාට පස්සේ ඔවුන්ට ඇය සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් තිබ්බේ නැහැ’ අපි ඔයාව බලාගත්තා වගේ ඔයාව බලන්න පුළුවන් නම් ඔයත් එයාට ආදරෙයි නම් එයත් ඔයාට ආදරෙයි නම් අපෙන් විරුද්ධත්වයක් නැහැ කියලා තමයි කිව්වේ
රඟපෑම් වැඩකටයුතු එහෙම කොහොමද?
අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින නිසා රඟපෑමේ කටයුතු අඩාල වෙලා තියෙනවා’ නමුත් ලබන අවුරුද්දේ මගේ වැඩක් සිද්ධකරනවා. කොහොමත් අපිට පුංචි උණක් තියෙනවානේ. ඒඋණ නැතිවෙන්න හොඳ වැඩක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ’ බලමු ඉදිරියේදී.
සංකේත් අධ්යක්ෂණයට එන්නද සූදානම ?
එහෙම දෙයක් වෙන්නත් පුළුවන්’ මමම අධ්‍යක්ෂණය කරන්න ඕනෑ නැහැ
විවාහ උත්සවය කොහේද පැවැත්වුණේ ?
කොළඹ කිංස්බරි හෝටලයේ තමයි පැවැත්වුණේ’ සැප්තැම්බර් ෙදාළොස්වැනිදා තමයි විවාහ උත්සවය පැවැත්වුණේ
සංකේත් බොහොම චාම්ව මේ වැඬේ කරන්න හිතුවේ ඇයි ?
කලා ක්ෂේත්රයේ මගෙත් එක්ක වැඩකරන අයත් දන්නවා මම බොහොම සරල ජීවත්වෙන මනුස්සයෙක් කියලා’ මම උත්සාහ කළේ හැම තිස්සේම බොහොම චාම්ව පොඩි වෙඩින් එකක් ගන්න
ඒකට හේතුව ?
ඔළුවට ලොකු බරක් නැහැ’ දැන් තියෙන තාක්ෂණය අනුව මාධ්‍යයට මගේ වෙඩින් එක ආරංචි නොවී ඉන්නේ නැහැ. ඉතිං මම ලොකුවට මාධ්‍ය දැනුවත් කිරීමක් කළේ නැත්තේ ඒකයි’ අනික මම සරල ජීවත්වෙන හින්දා සරල මේ වැඬේ කළොත් හොඳයි කියලා.
අවුරුදු තුනක ආදර කතාව මෙච්චර කාලයක් හංගාගෙන හිටියේ කොහොමද?
එහෙම නැහැ’ මගේ හිතවත් කිහිපදෙනෙක් අපේ සම්බන්ධය දන්නවා. මම අඬබෙර ගහලා කිසිම දෙයක් කරන චරිතයක් නෙමෙයි. මම කැමැති නැහැ තැන් තැන්වල කියවා කියවා යන්නත්, බොහොම සරලව මගේ වෙඩින් එක සිද්ධවුණොත් හොඳයි කියන තැන මුල ඉඳලාම මම හිටියා’ පෞද්ගලික ජීවිතය කියන්නේ එකක්. රංගන ජීවිතය කියන්නේ තව එකක්’ ඒ දෙක පටලවා ගත්තොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ’ ඉතිං මම තීරණය කළා පෞද්ගලික ජීවිතය මාත් එක්ක තියාගෙන රංගන ජීවිතය අනෙක් හැමෝමත් එක්ක බෙදා ගන්න
ඇයගේ රඟපෑමට සීමාවන් වැටේවිද?
එහෙම සීමාවන් වැටෙන එකක් නැහැ’ ඇය මගේ රංගන කටයුතුවලට බාධාවක් කරන එකක් නැහැ’ එහෙම බාධාවක් නොවන හින්දාම තමයි ඇය මගේ සහකාරිය වගේම බිරිඳ වුණේ’
වෙඩින් එකට ජනිත් අයියාගෙන් මොනවගේ සහයෝගයක්ද ලැබුණේ ?
ලොකු සහයෝගයක් ලැබුණා’ අපි දෙන්නා අතර නියම සහෝදර බැඳීමක් තියෙනවා’ එයාට මගෙන් ප්‍රශ්නයක් නොවන විදිහට වගේම මගෙන් එයාට ප්‍රශ්නයක් නොවන විදිහට අපි දෙන්නා ජීවත්වෙනවා’ විශේෂයෙන් විවාහ උත්සවයේදී මට ලොකු මගපෙන්වීමක් කළා
අයියාට කලින් මල්ලි ඉස්සරවුණා නේද?
එහෙම ප්‍රශ්නයක් නැහැ’ අයියා දැන්ම විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැහැ’ එහෙම දෙයකට ඔළුව යොමුකළෙත් නැහැ’ තමුන්ට හරි සහකාරිය හම්බවෙනවා නම් අයියා බැන්දාද නංගි බැන්දාද මල්ලි බැන්දාදා කිය කියා හිත හිත හිටියොත් එහෙම ප්‍රශ්නයක් ඇතිවෙන හින්දා මම ඒ ගැන ලොකු අවධානය යොමුකළේ නැහැ’ මගේ සහකාරිය හමුවුණ හින්දා මම තීරණය කළා කසාද බඳින්න’
උපුටා ගැනීමකි
