බොලිවුඩයේ ජනප්‍රිය පවුලක් තමයි කපූර් පවුල. අනිල් කපූර් ගේ ආදරණිය දුව සෝනම් කපූර් ව්‍යාපාරිකයෙකු වන ආනන්ද් අහුජා සමග තමයි විවාහ වෙලා ඉන්නේ. මේ ජෝඩුව ඉතා ආදරණිය විවාහ දිවියක් ගෙවනවා කියලා තමයි අපිට බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ. පසුගිය අඟහරුවාදා සෝනම්ගේ ආදරණිය සැමියාගේ උපන්දිනය යෙදී තිබුණා. සෝනම් සමාජ මාධ්‍ය ජාලය හරහා ආනන්ද්ට ගොඩක් ආදරණිය විදියට සුභ පතලා තිබුණා.
‘මගේ ජීවිතයේ ආදරයට සුභ උපන්දිනයක් වේවා. මා දන්නා කාරුණික, උතුම් හා වඩාත්ම පරමාදර්ශී පුද්ගලයාට. මට සිදු වූ හොඳම දේ ඔබයි.ඔබ සිහින දකින සියල්ල කිරීමට ඔබට හැකි වේ යැයි මම බලාපොරොත්තු වෙමි. ඔබට සැමවිටම අවශ්‍ය සියලු ආකාරවලින් මම දායක වනවා. “අනෙක් සියල්ලටම වඩා හොඳම දේ ඔබයි.!”
