මංගල උත්සවයකට සහභාගි වෙමින් සිටි බිරිඳට දුරකථනයෙන් කතා කර මඟට ගෙන්වාගෙන පිිහියෙන් ඇන තුවාල සිදු කළ බව කියන ඇගේ සැමියා පයාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධියෙන් තුවාල ලැබූ පානදුර නල්ලූරුවේ පදිංචි කලංචි දුරගේ ඉන්දිකා කුමාරි (අවු. 41) යන අය කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සැකකරු බිරිඳ හා දරුවන් සමග ඇලව ප්රදේශයේ මංගල උත්සවයකට සහභාගි වීමට පැමිණ ඇති බවත් පසුව ඔහු බිරිඳ හා දරුවන් මංගල උත්සවය ඇති නිවසට ඇරලවා මග්ගොනට ගිහින් එන්නම් කියා පිටව ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
පසුව සැකකරු තමා රිය අනතුරකට භාජනය වූ බව බිරිඳට දුරකථනයෙන් කතා කොට දැනුම්දී ඇය මඟට ගෙන්වාගෙන හල්කඳවිල විදුහල ඉදිරිපිටදී පිහියෙන් ඇන ඇති බවට පොලිසිය කියයි.
