මේ දවස් වල ජනප්‍රිය නිළියත් තමයි භාග්‍යා හෙට්ටිආරච්චි කියන්නේ.
ඒ ඇය සහභාගී වූ ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දවස්වල පුංචි තිරය තුළ තිරගත වීමයි.
ඉතින් ඒ ජනප්‍රියත්වයත් සමඟම තවත් දෙයක් සම්බන්ධයෙන් මේ දවස්වල භාග්‍යා ගැන කතා බහට ලක්වෙනවා.
ඒ මොකක්ද දන්නවාද?
භාග්‍යා මේ වන විට පෙම්වතියක් වෙලා කියලා රාවයක් යනවා.
ආරංචියේ හැටියට ඇයගේ පෙම්වතා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයෙක්ගලු.
ඉතින් ඒ කතාව ගැන හරියටම අහගන්න අපි භාග්‍යාට කතා කළා.
ඒ වේලාවේ භාග්‍යා නම් අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“ඔව් දැන් මට සහකරුවෙක් නම් ඉන්නවා. ඒ කතාව ඇත්ත. එයා නියෝජනය කරන්නේ ක්‍රීඩා ක්ෂේත්රය. ඇත්තම කිව්වොත් එයාගේ නම කෞෂාල් සිල්වා. වැඩි විස්තර ඉදිරි කාලයේදී ඔයාලාට දැන ගන්න ලැබෙයි.”
