බෝරා සමුළුව නිසා ගව මස් සැපයීම දිනපතා විශාල ප්රමාණයකින් වැඩිවී තිබෙන බව වාර්තා වෙනවා. ගව මස් සැපයීමට ගෝ ඝාතක ආඥා පනත දැඩිව උල්ලංඝනය කරමින් මේ විදියට ගවයන් සමූහ පිටින් ඝාතනය කරන බව සත්ව හිංසා ජාතික එකමුතුව පෙන්වා දෙනවා.
කොළඹ හා තදාසන්න ප්රදේශවල නිදැල්ලේ සිටින වසු පැටවුන්,එළදෙන්නු,ගැබ්බර එළදෙන්නු හා රෝගාතුර ගවයන් නීතිවිරෝධීව අමානුෂික ලෙස ඝාතනය කර වෑන් රථ හා කුඩා ලොරි රථ වලින් ස්ථිර හා තාවකාලික ගව ඝාතකාගර වලට රාත්රියේ හොරෙන්ම ප්රවාහනය කරන බව වගේම ඒ පිටුපස ප්රබල ඇමතිවරුන් සිටින බවට වාර්තා වෙනවා.