Gossip News

බෙලිඅත්තෙ සිට කොළඔට එක් මගියයි

ඇඳිරිනීතිය අලුයම 5.00ට ලිහිල් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් එක් අයකු පමණක් අද දුම්රියෙන් ගමන් කිරීමට පැමිණ සිටියේය.

මාස එකහමාරක පමණ කාලයකට පසු අද අලුයම 5.10ට බෙලිඅත්තේ සිට කොළඹ බලා දුම්රියක් ගමන් කළේය.

කාර්යාලවල සේවය කරන අය සඳහා කොළඹ බලා ගමන් කිරීමට මෙම දුම්රිය යොදවා තිබූ අතර බෙලිඅත්තේ සිට දුම්රියෙන් ගමන් කිරීමට ලියාපදිංචි වී සිටියේ තිදෙනකු පමණි.

කෙසේ වුවද මෙම තිදෙනාගෙන් දෙදෙනකුම පැමිණ නොසිටි අතර එක් අයකු පමණක් බෙලිඅත්තේ සිට ගමන් කළේය.

ලියාපදංචි නොවූ පුද්ගලයන් කිහිප දෙනකු දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි අතර ඔවුන් හරවා යැවීමට දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරිහු ක්‍රියා කළහ. මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර නියමිත පරිදි ආසනවල වාඩි වීමට අවස්ථාව සලසා දුන් අතර යුධ හමුදා නිලධාරීන් මගීන්ගේ ආරක්ෂාව සඳහා දුම්රිය මැදිරි තුළ යොදවා සිටි ආකාරය දක්නට හැකිවිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!