Gossip

බෙන්ස් කාර් එකේ පොල් රොටී විකුණන ඡායරූප ශිල්පියා

මේ දිනවල බොහෝ කතා බහට ලක්වන සිදුවීමක් තමයි බෙන්ස් කාර් එකක් තියන එත් පොල් රොටී විකුණන ඡායාරූප ශිල්පියා පිළිබඳව.
ඔහුගේ නම ඉන්ද්‍රනාත් තේනුවර.
 පිලියන්දල මාම්පෙ පාරේ තමයි මේ පොල් රොටී තියෙන්නේ.
ඒ පිළිබඳව සමාජ ජාල ගිණුමක පළකර තිබු ලිපියක් පහතින් 
“මේ අහම්බෙන් දැක්ක ඡායාරූප පෙලක්. පිලියන්දල මාම්පෙ පාරේ මේ බෙන්ස් කාර් එක නවත්වා පොල් රොටී ව්‍යාපාරයක් ආරම්බ කරල තියෙන්නෙ ඉන්ද්‍රනාත් තේනුවර කියන කවුරුත් දන්නා හඳුනන දැවැන්ත ඡායාරූප ශිල්පියා.
මම මේ හදන්නෙ ඔහුගෙ ව්‍යාපාරය ගැන කතා කරන්න නෙවෙයි. ඔහු මේ වැඩෙන් අපේ තරුන පරපුරට දීල තියෙන උපනතිය හෙවත් සෙට් කරල තියෙන ට්‍රෙන්ඩ් එක ගැන යමක් කියන්නයි.
අපේ තරුන අය හුඟ දෙනෙක් උත්සාහ කරන්නෙ මහන්තත්වෙ ආරක්ශ කරගෙන හැංගිලා ඉඳල අන්තර් ජාලයෙන් සල්ලි හොයන්න. ඒ කියන්නෙ කිසියම් නිශ්පාදනයක් හෝ සේවාවක් සපයන්නෙ නැතිව ඔය පිරමිඩ් වගේ දේවලින් සල්ලි හොයන්න. සල්ලි නිකම් උපදින්නෙ නෑ. භාණ්ඩයක් හෝ සේවාවක් නිශ්පාදනය කරලයි ප්‍රාග්ධනය ඉපදවිය හැක්කේ. ඒක මහන්තත්වෙ තියාගෙන නම් කරන්න බෑ. ඔය මහන්තත්වෙ හෙවත් මාන්නය නිසා තමයි හුඟාක් මිනිස්සු මේ වගේ දේවල් වලට අත ගහන්න බය. අන්න ඒ ආදර්ශයයි මේ දැවැන්ත චරිතෙ දීල තියෙන්නෙ.
ඉතින් දැන් හෙට ඉඳන් හැමෝම මේකම නම් පටන් ගන්න එපා, ඔය අපේ රටේ හුඟක් අය කරනව වගේ, එකෙක් බ්ලොක් ගල් හදන්න පටන් ගත්තොත් ඒ පලාතෙම අය බ්ලොක්ගල් ගහන්න පටන් ගන්නවා. අන්තිමට බ්ලොක් ගල් ගන්න අය නැතුව ඒ බ්ලොක්ගල් වැඩපලවල් ඔක්කොම වහල දානවා වගේ.
එක එකා කරන සමච්ඡල් සත පහකට මායිම් කරන්න එපා. අපි කොහොම ජීවත් වුනත් මිනිස්සු මොනව හරි කින්ඩි කතාවක් කියනවා. ඉතින් මිනිස්සු කියන කතාවල් අහන්න බය අය කිසිම දෙයක් කරන්න බයේ ඉඳල මැරිල යනවා. ඒවට බය නැතිව ‘උඹල ඕන මගුලක් කියපල්ල ….. මම මගෙ ජීවිතේ ගතකරන්නෙ මට ඕන විදියට ‘ කියල හිතන්න පිරිමි කම තියෙන අය බය නැතුව එලියට බැහැල හිතන්න බැරි දේවල් කරනවා.
මම මේ වගෙ දේවල් නිතිපතා ලියනව අපේ දරුවො හිතන විදියෙ විප්ලවීය වෙනසක් නැත්නම් ආකල්ප වෙනසක් කරන්න. සල්ලි හොයන්න බය නැතුව අත් දෙකයි කකුල් දෙකයි මොලෙයි විතරක් අරගෙන මහන්තත්වෙ පරෙස්සමට ගෙදර අල්මාරියක දාල වහල පාරට බහින්න.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!