දීප ව්‍යාප්ත පෞද්ලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට ඉකුත්දා කොවිඩ් ආසාදිතයකු පැමිණ ඇත.
ගල්කිස්ස ප්‍රදේශයෙන් හමුවී තිබෙන කොවිඩ් ආසාදිතයකු එම බෙන්තොට ගාලු පාරේ අවන්හලට පැමිණ ආහාර පාන ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ හා බෙන්තොට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.
එම අවන්හල ඊයේ (13) සවස සිට වසා දැමීමට කටයුතු කර තිබේ.
බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා බෙන්තොට පොලීසිය මේ බව සඳහන් කරනවා.
තවද ආයතනය වසා දමා එහි සේවය කල සේවක පිරිස් ද නිවෙස් තුළ ස්වයං නිරෝධායනය ලක්කර තිබෙන බව පැවසේ.