Gossip

බි‍්‍රතාන්‍යයේ කොරෝනා මර්දන එන්නත සොරා ගැනීමට රුසියාවෙන් සයිබර් ප‍්‍රහාරයක්

කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා බි‍්‍රතාන්‍ය විශ්වවිද්‍යාලය සොයා ගත් එන්නත පිළිබඳ තොරතුරක් සොරා ගැනීමට රුසියාව සයිබර් ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි බි‍්‍රතාන්‍ය රජය චෝදනා කරයි.

මෙම සයිබර් ප‍්‍රහාරය බි‍්‍රතාන්‍ය බුද්ධි සේවාව සොයා ගැනීමෙන් පසු එම විශ්වවිද්‍යාලයේ පරිගණක ජාලයට ආරක්ෂක වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇත.

මෙකී ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ කොයි බෙයාර් නමැති කණ්ඩායමක් බව අනාවරණය වී තිබේ.

රුසියානු බලධාරීන් එම සයිබර් ප‍්‍රහාරක කණ්ඩායම ඒ. පී. ටී. 29 යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇත.

කොරෝනා මර්දන එන්නත කියැවීම සඳහා ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය සහ ලන්ඩන් ඉම්පිරියල් විදුහල් සම්බන්ධ වී තිබේ.

බි‍්‍රතාන්‍ය තවදුරටත් පැවසුවේ රුසියානු බුද්ධි සේවාව මෙම සයිබර් ප‍්‍රහාරය පසුබිමේ සිටින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!