බි‍්‍රතාන්‍යයෙන් පසුගියදා වාර්තා වූ කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. මෙම වෛරස ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් යුරෝපා රටවල් රැසකින් වාර්තා වී ඇති අතර ඊට අමතරව කැනඩාවෙන් සහ ජපානයෙන්ද ආසාදිතයන් වාර්තා වී තිබේ.
බි‍්‍රතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයන් හේතුවෙන් ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ප‍්‍රංශය යන රටවලට වෛරසය ව්‍යාප්ත වී ඇති බව හෙළි වී තිබේ. කැනඩාවේ ඔන්ටාරියේ ප‍්‍රදේශයෙන් මෙම වෛරස ප‍්‍රභේදය වාර්තා වී තිබෙන අතර එය පැමිණියේ කෙසේද යන්න පිළිබඳව එරට බලධාරීන් පරීක්ෂණ පවත්වමින් සිටී. ජපානය වෙත පැමිණ බි‍්‍රතාන්‍ය ජාතිකයන්ට 05 දෙනකුට මෙම වෛරස ප‍්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබේ