පසුගිය කාලෙ රංගන ක්‍ෂේත‍්‍රයේ වගේම සමාජය තුළත් ඔහු බොහොම කතාබහට ලක්වුණ චරිතයක් වුණා. දැන් ඒ කතා ඉවරයි. ආදරය, විරහව, වියෝගය මැදින් ඔහු දැන් අලූත් මිනිසෙක් බවට පත්වෙලා. ජීවිතය අලූතින්ම පටන්ගෙන.
හර්ෂණ බොහොම කාලෙකින්?
ඇත්තටම ඔව්. බොහොම කාලෙකින්.
මොනවද අලූත් තොරතුරු?
රටේ තියෙන කොවිඞ් වසංගත තත්ත්වයත් එක්ක රූගතකිරීම්වලට යන එන එක ප‍්‍රශ්නයක් වුණා. ලොකේෂන් දෙන්නෙ නැති වුණා. ඒ නිසා වැඩ ගොඩක් අතරමග නතර වුණා. මේ තත්ත්වයේ අඩුවීමත් එක්ක ඉක්මණින්ම ආයෙත් වැඩ පටන් ගන්න පුළුවන් වේවි.
ටෙලි නාට්‍යවලට ලැබෙන ආරාධනා අඩුවෙලාද?
ඇත්තටම මගේ ව්‍යාපාර කටයුතු නිසා රගපෑම් කටයුතු වලින් පහුගිය කාලෙ ටිකක් ඈත් වෙලා හිටිය. විශේෂම කාරණය තමයි අද චරිතයකට රංගන ශිල්පියො හොයනව අඩුයි. ඒ වෙනුවට බජට් එකට සහ දිනවලට අවශ්‍ය නළු නිළියො හොයන තත්ත්වයක් තියෙන්නෙ.
මියුසික් වීඩියෝ වලින් ඈත් වෙලාද?
නැහැ. පහුගිය කාලෙ මියුසික් වීඩියෝ පහකට හයකට විතර සම්බන්ධ වුණා. නමුත් කාලයක් තිබුණනෙ නිරුවත නැතිනම් මියුසික් වීඩියෝවෙන් වැඩක් නෑ කියල හිතන. අන්න ඒ කාලෙනම් අපිව ඒ රැල්ලෙන් හැලූන.
ජීවිතේ ගන්න සිද්ධ වුණ ඇතැම් තීරණ නිසා වෘත්තීමය අතින් හර්ෂ පසුබෑමට ලක් වුණා කිව්වොත්?
ඇත්තටම එහෙම වුණේ නැහැ. මම වෘත්තීය රංගන ශිල්පියෙක් වුණා තමයි. ඒ වුණත් රංගනයෙන් හම්බකරගෙන කනවට වඩා මම මගේ ව්‍යාපාරයෙන් යැපෙන තැනට පත් වුණා.
අද ඒ අතීතය දකින්නෙ කොහොමද?
අතීතය ජීවිතයට කියල දුන්නෙ ලොකු පාඩමක්. ඒ දේවල් වලින් අත්දැකීම්
අරගෙන ජීවිතයෙ ඉදිරිය හදාගන්නයි මම දැන් උත්සාහ කරන්නෙ.
කට කතා, මඩ ප‍්‍රචාර ගැන හර්ෂණගෙ ප‍්‍රතිචාරය කොහොමද?
කට කතා, මඩ ප‍්‍රචාර වලින් මාව වට්ටන්න බෑ. මම මගේ ගමන යනව. අද දෙයක් කරන්න ඕන කියල හිතුනොත් මම කොහෙම හරි ඒ දේ කරනව. ඒ වගේම එදා මට නැති වුණ දේවල් අවුරුද්දක් ඇතුළත නැවතත් මම ලබාගෙන ඉවරයි.
කොහොමද ව්‍යාපාර කටයුතු?
කොවිඞ් 19 තත්ත්වය නිසා පහුගිය
කාලෙ ව්‍යාපාර කටයුතු තරමක් අඩාල වෙලා තිබුණ. නමුත් දැන් ආයෙත් ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වෙමින් පවතිනවා.
මොකක්ද මේ ෆේස්බුක් අවුල?
ඔව්. ෆේස්බුක් එකේ මගේ නමින් එකවුන්ට්
හදාගෙන ගැහැණු ළමයි එක්ක චැට් කරපු කිහිප දෙනෙක් මාව විකෘති කෙනෙක් බවට පත්කරලා. කෙනෙක්වනම් හඳුනාගන්න ලැබුණා. ඒ මගේ පාසලේම කෙනෙක්. අනෙක් අයවත් ළගදීම මට මුණගැහේවි. මොකද මේවෙනකොටත් ඒ සම්බන්ධයෙන් මම නීති මගින් කටයුතු කරල තියෙන්නෙ.
ඔබ ආදරයට වෛර කරනවද?
කවදාවත් නෑ. ඒකට හේතුව මගේ විවාහය සහ ඩිවෝස් එක ගැන ඒ අය ගොඩක් දේවල් කියල තිබුණ. ඒ දේවල් වලින් සමහරු ඇත්ත දැනගන්න ඇති. ඒ වගේම සමහරු ලජ්ජ්ාවට පත්වෙන්නත් ඇති. නමුත් මම කාවවත් විවේචනය කරන්න ගියේ නෑ. ආදරෙන් ළ`ග ඉඳල වෙන් වුණාට පස්සෙ විවේචනය කරන පුරුද්දක් මට නෑ.
අද ඔබ පෙම්වතෙක්. ඒ පරිස්සමට හිතල ගත්ත තීරණයක්ද?
ඔව්. මම හිතනව එහෙම වේවි කියල.
කොහොමද මේ හඳුනා ගැනීම සිද්ධ වෙන්නෙ?
මගේ ඩිවෝස් එකත් එක්ක එතෙක් කරගෙන
ගිය ඇඞ්වර්ටයිසින් ෆර්ම් එකේ කටයුතු නතර කරන්න සිද්ධ වුණා. එයින් පස්සෙ මම රංගන ශිල්පියෙක් හැටියට මට ගැළපෙන බිස්නස් එකක් ගැන කල්පනා කරන අතර තමයි කොස්මැටික්ස් ගැන අදහස මගේ ඔළුවට ආවෙ. මේ ව්‍යාපාරය නිසා මට ඇයව හඳුනාගන්න ලැබෙනවා. ඒ මගේ බිස්නස් පාට්නර් හැටියට.
ඇය ගැන රසිකයන් දැනගන්නට කැමති වේවි?
ඇය නමින් අරුණි නදීශානි. දැනට මැලේසියාවෙ ජීවත් වෙන්නෙ.
දෙමවුපියන්ගෙ කැමැත්ත?
ගොඩක් වෙලාවට මම දෙමවුපියන්ගෙන් ගත්තෙ උපදෙස් විතරයි. මගේ ජීවිතයෙ තීරණ ගත්තෙ මමයි. ඒ නිසාම මට වරදින්න ඇති.
විවාහය?
විවාහය ගැනනම් තවම තීරණයක් නැහැ. කොහොම වුණත් සරලව දෙයක් සිද්ධවෙයි.
හර්ෂණත් මැලේසිියාවෙ පදිංචි වෙයිද?
ලංකාව අතහැරල යන්නන අදහස් කළේ නෑ. ඉදිරියේදි කොහොම වේවිද කියලනම් දන්නෙ නෑ.
ජීවිතයේ ඉදිරිය ගැන සැලසුමක් තියෙනවද?
ඔව්. ඇත්තමට ඉදිරිය ගැන පැහැදිලි අරමුණත් තියෙනවා. වැරදුන තැන් නිවැරදි කරගෙන, ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන, දෙමවුපියන්ටත් සළකගෙන සතුටින් ජීවත් වෙන්නයි හිතන්නෙ.
