Gossip

බිලිදු මළ සිරුර වලදැමු මව අත්අඩංගුවට

නොර්වුඩ් ජනපදයේ අවුරුදු 26 ක අවිවාහක කාන්තාවක ඊයේ  (12) දින ඇය පදිංචි නිවසේම දරු ප්‍රසුතිය සිදු කර බිලිදු මළ  සිරුර තේ වත්තේ වලදමා ඇති බවට නොර්වුඩ් පොලිසියට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසිය විසින් සැකකාර මව අත්අඩංගුවට ගනු ලැබුවේයය.

දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර සැකකාර කාන්තාවගේ පියාගෙන් ප්‍රශ්න කිරිමේදි අනාවරණය වු තොරතුරු මත බිලිඳා වලදමා තිබු ස්ථානය සොයගැනිමට නොර්වුඩ් පොලිසියටඅද (13) හැකි විය.

සැකකාර කාන්තාවගේ මව ගෘහසේවය සදහා විදේශගත ව සිටින  අතර සැකකාර කාන්තාවට අවුරුදු 4 ක් පමණ වයසැති පිරිම් දරුවෙකුද සිටියි.

තම පියා සමග නිවසේ පදිංචිව සිටි කාන්තාව පොලිස්  ආරක්ෂාව යටතේ දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සැකකාර කාන්තාවගේ පියාද නොර්වුඩ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකාර කාන්තාවගේ අවුරුදු 4 පමණ වයසැති දරුවා ඥාතින් වෙත භාර දිමට හෝ පරිවාස භාරයේ තැබිමට පියවර ගන්නා බව නොර්වුඩ් පොලිසිය පැවසුවේය.

ගොඩගත් බිලිදු මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යයවරිය වෙත යොමු කරන ලෙස හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා නොර්වුඩ් පොලිසියට නියෝග කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!