Gossip News

බියගම MAS එකේ සේවකයෙකුටත් කොවිඩ්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි බියගම පිහිටි MAS ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.

මොහු සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර නිරෝධායනය සඳහා දඹදෙණිය ගුරු විද්‍යාලයේ රඳවා සිටියදී කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීමෙන් පසුව පසුගිය 21 වන දින ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී කරන ලද පීසීආර් පරීක්ෂාවකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇත.

ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයිඩීඑච් උණ රෝහලට බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු සමඟ ඇසුරු කිරීම හේතුවෙන් මොහුට එම වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කරන බව වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!