බකමූණ පොලිස් වසමේ පදිංචි බාල වයස්කාර දැරියකට බරපතල අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 23 හැවිරිදි තරුණයෙකු අද (27) අත් අඩංගුවට ගත් බව බකමූණ පොලීිසිය කියයි.
සැකකරු ඇලහැර,අතරගල්ලෑව ප්රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණයවී ඇත.
අතවරයට ලක්වූ බව කියන දැරිය රෝහල් ගතකර තිබේ.
සැකකරු අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි විමර්ශන සිදුකරන පොලිස් නිලධාරිහු පැවසූහ. බකමූණ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
