Gossip News

බාල වයස්කාර දැරියක් අතවරයට ලක්කළ පුද්ගලයාට රුපියල් 5,000ක දඩයක්

චූදිතයා වරද පිළිගත් හෙයින් පළමු චෝදනාවට රුපියල් 5000ක දඩයක් සමඟ බරපතල වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියමකොට දඩය  නොගෙවන්නේ නම් ඊට මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම කරන ලදි. දෙවන චෝදනාවට රුපියල් 5000 ක දඩයක් සමඟ වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළාය.

බාල වයස්කාර දැරියක් අතවරයට ලක්කිරීම සම්බන්ධයෙන් මොනරාගල මහාධිකරණයේ විභාගවූ නඩුවකදී වැරදිකරුවූ චූදිතයෙකුට මොනරාගල මහාධිකරණ විනිසුරු නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය විසින් රුපියල් දසදහසක දඩයක් සමඟ බරපතල වැඩසහිත වසර 13ක සිරදඬුවමක් නියම කළාය.ඊට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියම කෙරිණි.

මෙලෙස දඬුවම් නියම වූයේ ඌව පැල්වත්ත කුමාරගම ජනාවාස 4 පදිංචි ජේ.අජිත් කුමාර නමැති විසිහත් හැවිරිදි විවාහකයෙකුටය. මීට වසර හතකට පමණ ඉහතදී කුමාරගමදී අවුරුදු පහළොවක් වයසැති දැරියක් අතවරයට ලක්කිරීම සම්බන්ධයෙන් චෝදනා දෙකක් යටතේ මෙම නඩුව ගොනු කර තිබිණි.

මෙම නඩුව විභාග වෙමින් තිබියදී විත්තිකරු උසාවිය මඟහරිමින් සිටි අතර අධිකරණය මඟින් ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත්කර තිබුණි.

පසුව බුත්තල පොලීසිය මඟින් චූදිතයා අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී චූදිතයා වරද පිළිගත් හෙයින් පළමු චෝදනාවට රුපියල් 5000ක දඩයක් සමඟ බරපතල වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියමකොට දඩය  නොගෙවන්නේ නම් ඊට මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම කරන ලදි. දෙවන චෝදනාවට රුපියල් 5000 ක දඩයක් සමඟ වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද වින්දිත දැරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියෝග කළාය. රජයේ නීතිඥ ගෙහාන් ගුණසේකර මහතා පැමිණිල්ල මෙහෙය වීය.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!