ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආර්යාව හෙවත් කේට් මිඩ්ල්ටන්ගේ එකම දියණිය ෂාලට් කුමරිය ඇගේ පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබෙනවා.
විලියම් කේට් යුවල ෂාලට් කුමරිය ඇතුළත් කර ඇත්තේද තෝමසස් බෙතර්සී පාසලටයි.
ෂාලට් කුමරියගේ වැඩිමල් සොහොයුරා මෙන්ම විලියම් කේට් යුවලගේ වැඩිමල් පුතුද වන ජෝර්ජ් කුමරු අධ්‍යාපනය ලබන්නේද මෙම පාසලේයි.
ෂාලට් කුමරිය ලජ්ජාශීලිව මවගේ අතේ එල්ලීගෙන පාසලට පැමිණි අතර ජෝර්ජ් කුමරු සිටියේ පියා විලියම් කුමරු අසළයි.
පාසල් ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී හෙලන් හස්මීන් ඉදිරියට පැමිණ අතට අත දී ෂාලට් කුමරිය බොහොම ආදරයෙන් පිළිගත්තේය.
ඉන්පසු රජ පවුලේ සාමාජිකයන් පාසල් භූමියට රැගෙන යාමට ඇය කටයුතු කළේය.
ජෝර්ජ් කුමරුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විලියම් කේට් යුවල වසරකට පවුම් 19 000ක මුදලක් තෝමසස් බෙතර්සී පාසලට ගෙවනු ලබයි.
ජෝර්ජ් කුමරු අධ්‍යයාපන හදාරන බැවින් ෂාලට් කුමරිය වෙනුවෙන් සියයට 2ක වට්ටමක්ද විලියම් කේට් යුවලට හිමිව ඇතැයි බ්‍රිතාන්‍ය පුවත් සේවා වාර්තා කළා.
ෂාලට් කුමරිය ඇගේ සිව්වැනි උපන්දිනය සමරුවේ පසුගිය මැයි දෙවැනිදා බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.