බස් රථයකදී හමුවූ තරුණයකු සමග ඇති කරගත් පේ‍්‍රම සබඳතාවක් හේතුවෙන් ගර්භනී භාවයට පත්වූ වයස අවුරුදු 15 ක දැරියක් සම්බන්ධයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයක් මගින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
2019 වසරේ ජුනි මාසයේ දිනක සිය දෙමව්පියන් සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් නිවසින් පිටවූ දැරිය මහනුවර පදිංචි තම මාමාගේ නිවසට බස් රථයක නැඟී යන අතරතුරදී දැරියට මෙම තරුණයා මුණගැසී තිබේ. පසුව දෙදෙනා අතර පෙම් සබඳතාවක් ගොඩනැඟී ඇති අතර මෙම මුණගැසීමෙන් මසකට පමණ පසු අදාළ සැකකාර තරුණයා විසින් දැරියව දෙල්ගොඩ ප්‍රදේශයට ගෙන්වා ගෙන තිබේ. ඉන්පසු ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස දින කිහිපයක්ම ජීවත් වී ඇති අතර පසුව මෙම දැරියව පිටකොටුව බස් නැවතුම්පළට ගෙනැවිත් ඇරලවා තිබේ.
පසුව ගර්භනී තත්ත්වයට පත්වී ඇති මෙම දැරිය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව දියණියක් බිහිකර ඇති අතර ඒ පිළිබඳව රෝහලේ වෛද්වයරයකුගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු සිදුකර තිබේ. එහිදී මෙම සැකකාර තරුණයා සම්බන්ධ කිසිදු තොරතුරක් දැරිය විසින් දැන නොසිටි අතර පසුව දැරිය වෙත දුරකථන ඇමතුම් ලබාදුන් දුරකථන අංකය ඔස්සේ පර්යේෂණ කටයුතු සිදුකොට තිබේ. එමගින් සොයාගත් තොරතුරුවලට අනුව මෙම සැකකාර තරුණයා මුන්නේස්වරම් කෝවිල අසල පලතුරු කඩයක රැකියාව කරමින් සිටින බව තහවුරු කරගෙන ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා එම ස්ථානයට ගියද ඒ වන විටත් සැකකරු එම ස්ථානයෙන් පලාගොස් සිටි අතර, පසුව වැඩිදුරටත් සිදුකළ විමර්ශන මගින් මෙම සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
ප්‍රදීප් සමරකෝන්