නව කොරෝනා වෛරසයේ රෝගලක්ෂණ ඇති තරුණියක් ඊයේ (5) පස්වරුවේ බදුල්ල මහ රෝහලට ඇතුළුත් කර ඇති බව වාර්තා වනවා.
මෙසේ ඇතුළුත් කර ඇති තරුණිය මීට දින කිහිපයකට පෙර ඇය ඉගෙනුම ලබන චීනයේ සරසවියක සිට ලංකාවට පැමිණ ඇති බව සඳහන්.
මොණරාගල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය වයස අවුරුදු 22 තරුණියක් වන අතර ඇයට මෙම රෝග ලක්ෂණ ඇති බවට අනාවරණය වීමත් සමග මෙලෙස රෝහල් ගත කර තිබෙනවා.
වෛද්‍ය නිළධාරින්ගේ උපදෙස් අනුව මෙම තරුණිය බදුල්ල රෝහලේ ඇති විශේෂ ප්‍රතිකාර ඒකකයට සුව සැරිය ගිලන් රථයක් මගින් රැගෙන විත් තිබෙනවා.
ඇය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණ රැසක් ආරම්භ කර ඇති බව බදුල්ල රෝහලේන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරනවා.
