උදරේ ඇතිවූ වේදනාවක් නිසා පසුගිය දිනක මාතර රෝහලට ඇතුලත් වුණු තරුණයෙකුට දරුවෙක් ලැබුණු පුවතක් ගැන අපට වාර්තා වුණා.
රෝහල් ආරංචි මාර්ගවලට අනුව මෙම සිදුවීම සිදුව ඇත්තේ මෙසේයි.
22 වැනිදා රාත්‍රියේ තරුණයකු දැඩි උදරයේ අමාරුවක් ඇතිවී රෝහලට ඇතුලත්ව තිබෙනවා.
පිරිමි නමකින් ඇතුලත්ව ඇති මෙම තැනැත්තා 26 වැනි වියේ පසුවූ අතර ජාතික හැඳුණුම් පත් අංකය ඇතුළු සියළු තොරතුරු ලබාදී ඇත්තේ පිරිමි වෙසින්ය.
රෝහලට ඇතුලත්වීමට පැමිණි තැනැත්තා රෝගීන් ඇතුලත්කර ගැනීමේ අංශයේදී වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර ලියාපඳිංචියෙන් පසු පිරිමි වාට්ටුවක්වූ 11 වාට්ටුවට යවා තිබෙනවා.
ඉන් පසුව උදරයේ වේදනාව වැඩිවීම නිසා වෛද්‍යවරු විසින් ඔහුව පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එහිදී හෙළිවී තිබෙන්නේ අදාල පුද්ගලයා පිරිමි වෙසින් පෙනීසිටින කාන්තාවක් බවයි.
දරු ප්‍රසූතියක් සදහා සූදානමක් පවතින බව වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වූ නිසා ඇයව ප්‍රසූත වාට්ටුවක්වූ 23 වාට්ටුවට මාරුකර තිබෙනවා.
එම අවස්ථාවේදී ඇය විසින්දී පිරිමි දරුවකු ප්‍රසූත කර ඇති බවයි වාර්තා වුණේ.
මාතර මහ රෝහලේ පොලීසිය පැවසූවේ පිරිමියකු ලෙසින් මෙලෙස පෙනී සිට ඇත්තේ දෙවිනුවර ප්‍රදේශයේ පඳිචි අයෙකු බවයි.
තවද මෙම පුද්ගලයා ත්‍රී රෝද රථ රියදුරකු ලෙසින් සේවය කර ඇති බවත් හෙළිව තිබෙනවා.
මේ ගැන මාතර මහ රෝහලේ අධ්‍යක්ෂවරිය පවසන්නේ මෙම සිද්ධිය සත්‍යමුත් තම අනන්‍යතාවයත් ආරක්ෂාවත් වෙනුවෙන් කටයුතුකරන ලෙස අදාල තැනැත්තිය ලිඛිත ඉල්ලීමක් කර ඇති බැවින් වෙනත් තොරතුරක් පැවසිය නොහැකි බවයි.
