බංග්ලාදේශය සහ ශ්රී ලංකාව අතර පැවැත්වුණු දෙවැනි විස්සයි විස්ස තරගයත් ජයගැනීමට ශ්රී ලංකාව ඊයේ සමත්වුණා.
ඒ ලකුණු 75 කින්.
පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවාසනයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 210 ක් ලබාගත්තා.
කුසල් මෙන්ඩිස් ලකුණු 70 යි.
එම ලකුණු 70 රැස් කළේ පන්දු 42 කදී වන අතර ඊට හයේ පහර තුනක් සහ හයේ පහර හයක් ඇතුලත් වුණා.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 42 යි.
වේගවත් ඉනිමක් ක්රීඩා කළ තිසර පෙරේරා පන්දු 17 කදී ලකුණු 31 ක් රැස් කළා.
දසුන් ශානක නොදැවී ලකුණු 30 යි.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීම සඳහා පිටියට පැමිණි බංග්ලාදේශයට පන්දුවාර 18 යි පන්දු 4 කදී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 135 ක් පමණයි.
පන්දු යැවීමේදී ශෙහාන් මධුසංඛ සහ ධනුෂ්ක ගුණතිලක කඩුලු දෙක බැගින් දවාගත්තා.
මේ සමග තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2 ට 0 ක් ලෙස ශ්රී ලංකාව ජයගත්තා.
