Gossip

පොළොස් කැඩුවා කියලා කැත්තකින් ගහලා.. බුකිය කැළඹූ සිද්ධියේ ඇත්ත මෙන්න

ඉකුත් 29 වැනිදා රාත්‍රී රූපවාහිනි පුවත් තුළින් හා සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ වීඩියෝවකින් කියැවුණේ ඇඳිරි නීති සමයේ කුසගින්නට පොළොස් ගෙඩියක් කඩන්න ගිය අයකුට ඉඩමේ හිමිකරු විසින් කැත්තකින් කොටා ඇති බවයි.
පොලිස් පරීක්ෂණ අනුව අනාවරණය වූයේ මෙවැනි කතාවකි..

එකම ඉඩමේ පදිංචි සහෝදරයින් දෙදෙනකු අතර කලක සිට පදිංචි ඉඩම පිළිබඳ ආරවුලක් තිබී තිබෙනවා.
එම ආරවුල දුරදිග ගිය අවස්ථා කීපයකදීම තිහගොඩ පොලිසියට සිදුකළ පැමිණිලි මත පරීක්ෂණ පවත්වා අවවාද කොට නඩු මගින් ඉඩම බෙදා ගන්නා ලෙස ද උපදෙස්දී තිබුණා.. කොතෙකුත් උපදෙස් දුන්න ද ආරවුලේ කෙළවරක් නොවූයෙන් සැකකරුවන්ගේ ඇඟ බැඳීම සඳහා අධිකරණයේ නඩුවක් ගොණුකිරීමට පොලිසිය සැලසුම් කරමින් සිට තිබෙනවා.
හදිසියේ ඇතිවූ කොරෝනා වෛරසයේ ප්‍රශ්නයත් සමග එය අතරමග නැවතී තිබියදී මෙම ආරවුල නැවත 29 දින හටගෙන ඇත.
එම ඉඩමේ පදිංචි අයියා මලෝ දෙදෙනාගෙන් පහරදීම සිදුකර ඇති සැකකාර මල්ලීට ඉඩමට අදාළව ඔප්පුවක් ඇතත්, අයියාට ඇත්තේ දීර්ඝ කාලීන පදිංචියට අදාළ උරුමයක් පමණක් බව පොලිසිය පවසයි. පොළොස් ගෙඩියේ ආරවුල ඇතිවන්නේ පරණ ආරවුලේ දිගුවක් ලෙසය.
පහර කෑමෙන් රෝහල්ගතකර ඇතතේ පහරදීම සිදුකළ සැකැරගේ අයියාගේ පුතා ය. ඔහු පෞද්ගලික ආයතනයක ඉංජිනේරු වෘත්තියේ නියැලෙන අයෙකු බව ද පොලිසිය පවසයි. පහරදීම සම්බණ්ධයෙන් ලද පැමිණිල්ල මත පහරදීම සිදුකළ සැකකරු තිහගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!