Gossip

පොලීසිය දෙන්නේ දඩ කොළ විතරද?

ගාල්ල, පෝද්දල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ අදහසක් සහ මැදිහත්වීම අනුව පෝද්දල පොලීසියේ පොලිස්නිලධාරීන් ගේ ද සහය ඇතිව අද (28) ගංවතුරින් අවතැන් වූ සහ පීඩාවට ලක්වූ වක්වැල්ල , ගෝනපුර, බලගොඩ ආදී ප්‍රදේශවල අසරණ ජනතාව 650ක්වෙත දිවා ආහාරය ලබාදීම සිදුකර තිබුණා. බිත්තර ෆ්‍රයිඩ් රයිස් සමග ව්‍යංජන කිහිපයක ප්‍රනීත ආහාරවේලක් සමග, යෝගට් අතුරුපස සහ පානීය ජල බෝතල් බෙදාදීම සිදුවුනේ විශාල දන්සලක ආකාරයෙන් බව වේබ් ගොසිප් මාධ්‍යකරු අපට පැවසුව . මේ අවස්ථාවට සහකාර පොලිස් අධිකාරී උපුල සෙනවිරත්න (UPULA), පෝද්දල පොලිස් ස්ථානාධිපති පොලිස්පරීක්ෂක නාලක මාගෙදරගම මහතා ඇතුළු පෝද්දල පොලීසියේ සියලුම නිලධාරීන් සහභාගී වී ඇති අතර ගෝනපුර ප්‍රජාශාලාව අසල මෙම දන්සල පවත්වා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!