පිලිපීනෙයේ පොර කුකුළන්ගේ තරගයක් පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලීමේදී එක් පොර කුකුළෙකුගේ පාදයේ තිබූ බ්ලේඞ් තලයකට ගොදුරු වූ පොලිස් භටයකු මරුණුවට පත් වී ඇත. ලූතිනන් කි්රස්ටියන් බොලොක් නමැති මෙම පොලිස් භටයා එම පොර කුකුළා අල්ලා ගැනීමට යෑමේදී ඔහුගේ බෙල්ල බ්ලේඞ්තලයට කැපී තිබේ.
මෙය අවාසනාවන්ත සිද්ධියක් බව පිලිපීන පොලිස් බලධාරීහු පවසති.
පිලිපීනය තුළ පොර කුකුළන් තරග පැවැත්වීම තහනම් වේ. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 7 ක් අත්අඩංගුවට ගෙන ඇත.