පැරිස් අගනුවර ගොඩනැඟිල්ලක හතර වන තට්ටුවේ සිට පහතට වැටෙන කුඩා දරුවකු බේරාගත් සංක්රමණිකයයාගේ වීඩියෝවක් දැන් මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
ඔහු පුරවැසිභාවය ලබාදීමට ප්‍රංශ ආණ්ඩුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..
දරුවා බේරාගත් මමෝඩු ගාසමා නම් මාලි ජාතික සංක්‍රමණිකයා වීරයකු ලෙස රට තුළ දැඩි ප්රසංශාවට ලක්වෙමින් සිටිනවා.
සඳලුතලයේ එල්ලී සිටි දරුවා බේරා ගැනීමට අසල්වැසියකු උත්සාහ කරමින් සිටිද්දී මමඩු ගැසමා මිනිත්තුවකට අඩු කාලයකදී පහළ මාලයේ සිට සඳලුතලවලින් පැන සිවු වැනි මහලට ගොස් දරුවා බේරාගෙන තිබුණා.
ඔහු සිව් හැවිරිදි දරුවා බේරාගත් අවස්ථාවේ රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා නඟන ආකාරය වීඩියෝ පටයේ සටහන් වී තිබෙනවා.
දරුවා බේරාගත් සංක්‍රමණිකයා එල්සී මාලිගාවේ සිය නිල නිවසට කැඳ වූ ප්‍රංශ ජනාධිපති එම්මානුවල් මැක්රෝන් ඔහුට පෞද්ගලිකව ස්තුති කළේය.
එහිදී මමඩු ගැසමාට ස්තුති කොට පදක්කමක් ද පිරිනැමූ ජනාධිපතිවරයා ඔහුට ප්‍රංශ පුරවැසිභාවය ලබාදෙන බව ද නිවේදනය කළේය.
පසුගිය සෙනසුරාදා සවස පැරීසියේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිල්ල අසලින් ඇවි ද යන විට ඒ අවට පිරිස් රැස් වී සිටිනු දක්නට ලැබුණු බව ගැසමා පැවසීය.
දරුවා සඳලුතලයේ සිට පහතට එල්ලෙමින් සිටින විට “මම කිසි දෙයක් සිතුවේ නැහැ, මම ඔහු බේරාගත්තා” යෑයි ඔහු ජනාධිපති මැක්රෝන්ට පැවසීය.
“මම දැතින් ඔහු උස්සා ගනිද්දී, ඔහුට කතා කර ඇසුවා( ඇයි ඔබ මෙහෙම කළේ? කියලා. හැබැයි ඔහු පිළිතුරු දුන්නේ නැහැ”.
පැරීසියේ ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණෙන විට මාලි ජාතික සංක්‍රමණිකයා විසින් දරුවා බේරාගනු ලැබ තිබුණි.
“වාසනාවට ශරීර ශක්තිය තිබෙන ධෛර්යමත් පුද්ගලයෙක් එම ස්ථානයේ ඉඳලා දරුවා බේරාගත්තේ”, ගිනි නිවන භටයන්ගේ ප්‍රකාශකයෙක් ප්‍රංශ පුවත් සේවයට පැවසීය.
සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ දෙමාපියන් නිවසේ සිට නොමැති බව ප්‍රදේශයේ බලධාරීන් පැවසූහ.
ඒ අවස්ථාවේ දරුවා නිවසේ තනිව සිsටීම පිළිබඳ ඔහුගේ පියාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර ඇත. මව ඒ වනවිට පැරිස් නගරයෙන් බැහැරව සිටි බව විශ්වාස කෙරේ.
පැරිස් නගරාධිපතිනිය වන ඈන් හිදල්ගෝ ද විසි දෙහැවිරිදි මමඩු ගැසමා ක්‍රියාව අගයමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. ඇය ඔහුට පෞද්ගලික දුරකථන ඇමතුමක් ලබාදී ස්තුති කිරීමට ද කටයුතු කර තිබුණි.
ගැසමා “2018 ස්පයිඩර් මෑන්” ලෙසින් හඳුන්වන නගරාධිපතිනිය ඔහු “සියලු පුරවැසියන්ට ආදර්ශයක්” බවත් සිය පණිවුඩයේ සඳහන්.
