Gossip

පුංචි ගොන් කතාවක්

කටට එන්නන් වාලේ හැම කෙනාටම ගොනා කිව්වට මේක නම් ඇත්තටම ගොන් කතාවක් තමයි. උතුරු අයර්ලන්තයෙන් තමයි මේ ගොන් කතාව අපිට ආරංචි වුණේ.

ගොනා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් විතර ඇඟ පත තියෙන සතෙක් වුණාට මේ කතාව ලෝකේ ඉන්න පුංචිම ගොනා ගැනයි. “ආර්චී” කියන මේ ගොනාගේ වයස මාස 29 යි. ඒ කියන්නේ අවුරුදු 2 ½ ක් විතරනේ. හැබැයි ඉතින් තාම මේ ගොන් පැටියගේ උස නම් සෙන්ටිමීටර 76.2 යි. ඉතින් ඒ නිසාම තමයි මේ ගොනා ලෝකෙ ඉන්න පුංචිම ගොනා විදිහට 2013 ගිනස් වාර්තා පොතටත් ඇතුළු වෙන්නේ.

අනිත් ගොනුන්ට වඩා කොච්චර පුංචි වුණත් “ආර්චී” හිතාගෙන ඉන්නේනම් එයත් අනිත් අය ‍වගේම හරි ලොකුයි කියලා. හැබැයි ඇත්තටම ගත්තොත් ආර්චී බලු පැටියෙක් තරම් විතර ඇති.

කොච්චර පුංචි වුණත් ආර්චිගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිම ප්‍රශ්ණයක් නෑ කියල ආර්චිගේ අයිතිකාරයා ‘රයන්’ කියනවා. ආර්චිට තරහ ගියාම පොඩි කියලා නැතුව වලියටමයිලු යන්නේ. පුංචි වුණත් ඉතින් ගොනා කියන්නේ ගොනාටම තමයි.

4 Comments

4 Comments

  1. Dangaya

    November 2, 2012 at 5:22 am

    කටට එන්නන් වාලේ හැම කෙනාටම ගොනා කියන්න හොද නෑ………..ෂා…….. මේක නම් නියම ගොන් කතාවක් තමයි…………… goooood

    • Naho

      November 14, 2012 at 8:15 am

      I might be beating a dead horse, but thank you for postnig this!

      • Fernanda

        December 19, 2012 at 8:29 pm

        Deep thought! Thanks for contrbitunig.

        • Wilder

          February 8, 2013 at 3:08 am

          Why do I bhtoer calling up people when I can just read this!

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!