හික්කඩුව ප්රදේශයේ වෙළඳසැල දෙකකින් මුදල් සොරා ගත් පුද්ගලයෙකු හික්කඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
හික්කඩුව නගරයේ පිහිටි මස් වෙළඳසැලක් වෙත පසුගිය මස 22 දා පැමිණ මෙම සැකකරු රුපියල් 49000ක මුදලක් සොරා ගෙන තිබෙනවා.
අදාළ වෙළඳසැල් හිමිකරු විසින් පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබු අතර මෙම සැකකරු විසින් පසුගිය 07දා පීසා අවන්හලක් වෙත ගොස් එහි තිබූ කිලෝග්රෑම් 250ක් සේප්පුව සොරා ගෙන ගොස් තිබෙනවා.
අදාළ සැකකරු සේප්පුව රැගෙන යන ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබූ ආක්ෂිත කැමරාවේද සටහන්ව තිබුණි.
මෙම වෙළඳසැලෙන් රුපියල් 196000ක මුදලක් සොරා ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
ආක්ෂක කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හික්කඩුව පොලීසිය සමත්ව ඇති අතරසිද්ධිව සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
