Gossip

පිට පිට තුන්පාරක් කොවිඩ් හැදුණු පුද්ගලයෙක් හමුවෙලා.

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පසුගිය දා චීනයෙ හි නිකුත් වී තිබූ අධ්‍යයන වාර්තාවක සඳහන් වූ කාරණාවක් ගැන විශාල අවධානයක් යොමු ව තිබිණි.

එයින් කියැවුණේ එක්තරා පුද්ගලයෙකු ට පිට පිට තුන් වරක්ම මෙම වෛරසය ආසාදනය වීමක් පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බවයි.

මේ අතර දෙවතාව බැගින් වෛරසය ආසාදනය වූ ආකාරයක් පෙන්නුම් කළ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගැන පසුගිය දිනවල දකුණු කොරියාවෙන් ද වාර්තා වී තිබිණි.

160 කට ආසන්න පිරිසකට මේ ආකාරයෙන් දෙවතාව බැගින් වෛරසය ආසාදනය වී ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙය මේ වනවිට සෞඛ්‍ය අංශ තුළ මෙන්ම ඖෂධ නිෂ්පාදකයින් තුළ ද යම් ගැටලුවක් නිර්මාණය කර ඇති ආකාරයක් දැකිය හැකි වේ.

එක් වරක් වෛරසයක් ආසාදනය වූ විට ශරීරය තුළ එයට එරෙහිව ප්‍රතිදේහ නිපදවෙන නිසා කලක් යනතුරු නැවත ආසාදනය වීමක් සිදු වන්නේ නැත.

ඇතැම් වෛරස සම්බන්ධයෙන් මෙය ජීවිත කාලයටම බලපාන ප්‍රතිශක්තියක් ලබා දෙයි. නමුත් නව කොරෝනා වෛරසය පිට පිටම වාගේ නැවත ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් දැන් බොහෝ විශේෂඥයන්ගේ අවධානය යොමුව ඇති ආකාරයක් දැකිය හැකි වේ.

කොහොමටත් මෙම කොරෝනා වෛරසය සැලකෙන්නේ තවමත් මුළුමනින් තේරුම් ගැනීමට අපහසු වී ඇති වෛරසයක් වශයෙනි. එය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇති බවක් පෙනී යාම ද මෙම ප්‍රහේලිකාව තවත් සංකීර්ණ කර තිබේ. වෛරසය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇත්නම් එයට එරෙහිව එන්නතක් නිපදවා ගැනීම ද වඩාත් අභියෝගාත්මක වනු ඇති බව මේ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!