හිගුරක්ගොඩ කිඹුලාව ප්රදේශයේ නිවසක පිහිටි කොහොඹ ගසකින් නොකඩවා දින කිපයක සිට විශාල ලෙස ගස මුදුණේ සිට පහලට පැණි ගලා බසින බවට නිවාස හිමියන් සහ ප්රදේශවාසින් පවසනවා.
කොහොඹ ගහ හිමි නිවසියන් පවසා සිටින්නේ මෙවැනි කතාවක් “කොහොඹ ගහෙන් මිට දින කිපයක සිට ගංගාවක් මෙන් දියරක් ගලා බසිනවා අපි දැක්කා. පාන්දරට ඉන්න බෑ සුවද ගමපුරා. පස්සේ මොකක්ද කියලා හොයලා බලපුවාම තමයි දැක්කේ අර කොහොඹ ගහෙන් එන දියරවල සුවද බව. පස්සේ අපි ගමේ අයට කිව්වාට පස්සේ ඒක බලන්න විශාල පිරිසක් දැන් එනවා. ඒවා මී පැණිවලටත් වඩා රසයි.
එම නිවස අවට ප්රදේශය පුරාවට පාන්දරට විශාල සුවදක් පැතිර යැම හේතුවෙන් එය සොයා බැලිමේදී කොහොඹ ගසෙන් නිකුත් වෙන දියර වල එම සුවද හමන බව දැන ගැනිමට නිවැසියන්ට හැකිවෙලා තියෙනවා. මෙම දියරවල සුවද නිසා එහි රස බැලිමේ දි එම දියරය මී පැණි මෙන් රසක් ඇති බව ගම්වාසින් පවසනවා. මෙම පැණි බිම සදහා බඹරුන්, දෙඹරුන්, මී මැස්සන් සහ විවිධ වර්ගයේ කෘමි සතුන් විශාල ප්රමාණයක් කොහොඹ ගසේ සිටින අයුරු දක්නට ලැබෙන බවට වාර්තා වෙනවා.
මෙවැනි දෙයක්, විශේෂයෙන්ම අධික තිත්ත රසක් ඇති කොහොඹ ගසකින් මී පැණිවලටත් වඩා රසයකින් යුතු පැණි ලැබිම පුදුමයට කරුණක් බව ප්රදේශවාසින් පවසනවා.
මෙය දැක බලා ගැනිම සදහා විශාල පිරිසක් එම නිවසට පැමිණෙමින් සිටින බවට වාර්තා වෙනවා.
