අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26 වැනිදා) පැවැත්වේ. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන්නේ එම සාකච්ඡාවෙන් පසුව යැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම පැවැසීය. උසස් පෙළ සිසුන් සඳහා පළමුවෙන් ද දෙවනුව සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ද පාසල් විවෘත කිරීමට දැනට තීරණය කර ඇති බව කී ඇමැතිවරයා ඉන් පසුව සෙසු ශ්‍රේණි සඳහා විවෘත කෙරෙන බව ද කීවේය. විවෘත කෙරෙන කාලවකවානු පිළිබඳ හෙට තීරණය කිරීමට නියමිතය.
