කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
පාසල් යළි විවෘත කරනු ලබන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව බවත් එම නිසා කිසිදු දෙමාපියෙකු ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අද(22) පෙරවරුවේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.
