පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිනයක් ලබා දී ඇත.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ ලබන 20 වන දින අදාළ හමුවීම සඳහා ජනාධිපතිවරයා විසින් කැමැත්ත පළ කර ඇති බවයි.