Gossip News

පාර්ලිමේන්තු ආරක්ෂාව යුද හමුදාවට

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා සිටි පොලිසියේ අසූ දෙනකු සහ විශේෂ කාර්ය බළකායේ අසූ දෙනකු ඉවත් කර ඒ වෙනුවට යුද හමුදාව අනුයුක්ත කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කොවිඩ්-19 මර්දන රාජකාරි සඳහා අනුයුක්ත කිරීම හේතුවෙන් බව ද ඔහු පවසයි. පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදා ඇති පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් කොවිඩ් මර්දන රාජකාරී කටයුතු සඳහා මුදා හරින ලෙස හා ඒ වෙනුවට හමුදාව යෙදවිය හැකි බවට පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධව සාකච්ඡා කර ඇති වේත්‍රධාරී දෙපාර්තමේන්තුව එම ඉල්ලීමට ඉඩ දී ඇත. කෙසේ වෙතත් යුද හමුදාව විසින් ආරක්ෂක කටයුතු සිදු කරන්නේ වේත්‍රධාරී දෙපාර්තමේන්තුවේ සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ පාලනයට යටත්ව බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!