මිනිස් ඝාතන කප්පම් ගැනීම් හෙරොයින් ජාවාරම් ඇතුළු විවිධ අපරාධ රැුසකට සම්බන්ධ පාතාල කල්ලි දෙකකට අයත් දරුණු අපරාධකරුවන් දෙදෙනකු වන ‘බැබා’ සහ ‘මහරගම බුබුලා’ යන අය පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය මගින් ඊයේ අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ කල්ලියේ දරුණු අපරාධකරුවකු බව කියන ක්රිෂාන්ත නිලංග දාබරේ නොහොත් ‘බැබා’ හෙරොයින්ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරුගිරිය ශාන්තාලෝකගම ප්රදේශයේ සැඟවී සිටියදීය. විදේශගතව සැඟවී සිටින අංගොඩ ලොක්කාගේ කොන්ත්රාත් මිනිස් ඝාතන, හෙරොයින් ජාවාරම්, කප්පම් ගැනීම් මෙහෙයවා ඇත්තේ ‘බැබා’ නමැති මෙම අපරාධකරු බව විමර්ශනවලින් හෙළිවී ඇත.
විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතාට ලැබුණු ඔත්තුවකට අනුව කළ වැටලීමකදී මෙම අපරාධකරු කොටුකර ගැනීමට හැකි වී ඇත.
2018 වර්ෂයේ මාර්තු 19 වැනිදා අතුරුගිරියේදී නිමල්සිරි පෙරේරා නොහොත් පොඩි සුදා වෙඩිතබා ඝාතනය කිරීම හිටපු පාර්ලිමේන්තු මන්තී සුජීව සේනසිංහ මහතාගේ ලේකම්වරයාට අයත් මාලබේ නිවසට වෙඩි තැබීම, 2018 වර්ෂයේ පෙබරවාරි 18 වැනිදා තලංගමදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සහ කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙම අපරාධකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මේ අතර පොලිසිය සිදුකළ වැටලීමකදී ගගන් නමැති පාතාල නායකයා මෙහෙයවන කල්ලියේ ප්රබලයකු බව කියන මහරගම බුබුලා නමැති අපරාධකරු අවි ආයුධත් සමඟ හෝමාගම නියාගල ප්රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
