Gossip

පාකිස්තානයේ හිටපු පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් කොරොනාවට බිළි වෙයි

ලොව පුරා වසංගතයක් බවට පත්ව කොරොනා වෛරසය හේතුවෙන් මිය ගිය පාකිස්තානයේ පළමු ක‍්‍රීඩා තරුව බවට හිටපු පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩක සෆාර් සර්ෆ‍්‍රාස් වාර්තා වේ. ඔහු මිය යන විට 50 වැනි වියේ පසුවිය.

1988 වසරේ සිට 1994 දක්වා පාකිස්තානය වෙනුවෙන් පළමු පෙළ තරග 15 කට ක‍්‍රීඩා කර ඇති සෆාර් පාකිස්තාන් ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් තරග හයක්ද ක‍්‍රීඩා කර තිබේ. වමත් ඉදිරි පෙළ පිතිකරුවකු වු සෆාර් වමත් දඟ පන්දු යවන්නකුද වේ. ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම යෑමෙන් පසුව මොහු පුහුණුකරුවකු වශයෙන්ද කටයුතු කළ අතර පාකිස්තාන් යොවුන් කණ්ඩායමේ සහ ජාතික කණ්ඩායමේද පුහුණුකරුවකු වශයෙන් කටයුතු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මේ වන විට පාකිස්තානයේ පේශාවර් නගරයෙන් කොරෝනා රෝගීන් බහුතරයක් වාර්තා වන අතර සර්ෆ‍්‍රාස්ද එම නගරයේදී අදාළ වෛරසයට ගොදුරු වී ඇති අතර අනතුරුව රෝහල් ගත කරමින් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබීමෙන් පසුව ඔහු මිය ගොස් තිබේ. මේ වන විට පාකිස්තානයෙන් කොරෝනා රෝගය හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 100 පසු කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!