Gossip

ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූරී ඩිලන්ත මාලගමුව ඝාතනය කිරීමේ සැලසුමක්

ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා තිබෙනවා.

මේ විමර්ශනය පවත්වන්නේ මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලකට අනුවයි.

මාතලේ පිහිටි තේ වත්තක් සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් මත කැලණිය ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය දේශපාලඥයකු විසින් දැනට බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට මාලගමුව මහතා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව දී ඇති බවත් මෑතකදී අත්අඩංගුවට ගැණුනු පාතාල සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ කරුණු හෙළිවී තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අනුව පොලිසිය මෙම ඝාතන සැලසුම ගැන මාලගමුව මහතාට දැනුම් දී ඇති අතර මාලගමුව මහතා සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවය.

මේ පිළිබඳව අප කළ විමසුමකදී අදහස් දැක්වු ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩක ඩිලන්ත මාලගමුව මහතා පැවැසුවේ මේ සිද්ධිය පොලිසිය දැනුම් දුන් පසුව තමා ඒ පිළිබඳව පොලිසි මූලස්ථානයට පැමිණිල්ලක් කළ බවයි.

මේ තත්ත්වය මත තමාගේ ජීවිතය අනාරක්ෂිත හෙයින් රජය මේ ගැන අවධානය යොමු කළ යුතුබව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(උපුටා ගැනීම -ලංකාදීප)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!