වෙන්නප්පුව පොලිස් වසමට අයත් බෝලවත්ත උතුරු කම්මල ප්රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය මහා පරිමාණ කංසා වගාවක් වැටලීමට පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමත්වී තිබෙනවා
කංසා වගාව පවත්වාගෙන ගිය ජාවාරම්කරු සහ එහි සේවකයන් දෙදෙනෙක්ද මෙහිදී අත්අඩංගුවටට ගෙන තිබෙනවා
පර්චස් 50 ක භූමි ප්රදේශයක පොල් අතුවලින් අසුරා ඉතා සූක්ෂම ලෙස මෙම කංසා වගාව පවත්වාගෙන ගොස් තිබෙන බවයා සඳහන් වන්නේ.
රසායනික පොහොර භාවිතා කරමින් මල් පෝච්චිවල කංසා වගාව සිදුකර තිබේ. එසේ වගා කළ හොඳින් වැඩුණු කංසා ගස් 463 ක් , කුඩා පැල 300 ක් බිම් තවාන් පැල 100 කට අධික ප්රමාණයක් කංසා පැළ සිටුවීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් පෝච්චි රැසක් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
කංසා බීජ තණමල්විල සහ සියඹලාණ්ඩුව යන ප්රදේශවලින් කිලෝග්රෑම් එකක් රුපියල් 10,000 ක මුදලකට මිලදී ගෙන මෙම වගාව පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය විය.
අමරනන්ද විජේසේකර මහවැව
