Gossip

නුවරඑළිය ප‍්‍රාදේශීය මාධ්‍යවේදියාට කොරෝනා ?

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටි නුවරඑළිය දිස්ත‍්‍රික් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකු වන ගනේෂන් ක‍්‍රිෂාන්තන් මහතාගේ පීසීආර් පරීක්‍ෂණ වාර්තාවට අනුව ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇතැයි දික්ඔය මූලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඊකේ වෙල්ලාලන් මහතා ඊයේ (3දා) සවස පැවසීය.

මෙම මාධ්‍යවේදියා සමග කටයුතු කළ තවත් දෙදෙනකුද නිරෝධායනයට ලක්ව සිටි අතර ඔවුන්ද මේ අනුව නිරෝධායනයට ලක්වීම අවශ්‍ය නොවන බව රෝහල් අධ්‍යක්‍ෂකවරයා තවදුරටත් ප‍්‍රකාශ කළේය.

මෙම මාධ්‍යවේදියා සහ ඔහු සමඟ කටයුතු කළ පුද්ගලයන් දෙදෙනා ඊයේ සිට දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට කොටගල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සෞන්දර් රාගවන් මහතා විසින් උපදෙස් දී තිබුණි.

මෙම මාධ්‍යවේදියා අභාවප‍්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සහ කම්කරු කොංග‍්‍රස් මූලස්ථානයේ තැන්පත් කර තිබූ අවස්ථාවේ මාධ්‍ය ආවරණ කටයුතු කර තිබුණි.

රෝග ලක්‍ෂණ කිහිපයක් මතුවීම නිසා මෙම මාධ්‍යවේදියා දික්ඔය මූලික රෝහල වෙත ගොස් පීසීආර් පරීක්‍ෂණයක් සිදුකරගෙන ඇත. ඒ අනුව මෙම පරීක්‍ෂණ වාර්තා ප‍්‍රතිඵල ලැබෙන තුරු ඔවුන් දිඹුල ප‍්‍රදේශයේ පිහිටි සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකිරීමට කොටගල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පියවර ගන්නා ලදී.

සමන්ති වීරසේකර සහ නුවරඑළිය නාලක රත්නායක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!