මෙම සිදුවීම වාර්තා වෙන්නේ මාතර ප්‍රදේශයෙන්. තිහගොඩ සිට මාතර තමන්ගේ නිවස බලා ආපසු යන අවස්ථාවේ ත්‍රීරෝද රථයක නංවාගන නිවසට රුගෙන යනවා කියා පවසා වේරගම්පිට ප්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කල බවට එම සිදුවීමට මුහුණ දුන් කාන්තාව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
ත්‍රීරොද රථ රියදුරා මෙම කාන්තාව රාජකාරී නිමා වී නිවසට එන අතරමගදී ඇය අසලට පැමිණ තමාත් ඇයගේ නිවස පැත්තට යන බව පවසා ඇයව රැගෙන යන්නම් කියා රථයට නංවාගන තිබෙනවා. පසුව ඔහු වේගයෙන් ත්‍රිරෝද රථය මාතර වේරගම්පිට ප්‍රදේශයට රැගෙන ගොස් නතර කර පිටුපස අසුනට පැමිණ කාන්තාවට කරදර කර තිබෙනවා.
මේ පිළිබඳව කාන්තාව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව රියදුරාව පොලීසිය විසින් අත්අංගුවට ගෙන තිබෙනවා. ඔහු මාතර උයන් වත්තේ පදිංචි 37 රියදුරෙක් වන අතර කාන්තාව මාතර උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 කාන්තාවකි. ඇයව අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සදහා මේ වන විට මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙන අතර මෙම කාන්තාවට මානසික රෝගයක් තිබෙන බවට පවුලේ අය පවසා තිබුණත් ඒ සදහා වෛද්‍ය වාර්තාවක් මේ වෙනකොටත් පොලිසීයට ඉදිරිපත් කර නැති බවට පොලීසිය පවසනවා.
