Gossip News

නිවසටම ඖෂධ ගෙන්න ගන්න පුලුවන් අලුත්ම ක්‍රමය මෙන්න

රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ලබාගන්නා, මාසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නැති රෝගීන් ට ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සංවිධානය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

ඇඳිරි නීති කාලය තුළ රජයේ රෝහල්වලින් සායනික රෝගීන් සඳහා ඖෂධ සැපයීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

මෙම ඖෂධ රෝගියා වෙත ගෙනැවිත් ලබාදීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය සහ දුරකතන අංකය ලබාදීම අත්‍යවශ්‍ය බවද එහි දැක්වේ.

අදාළ තැනැත්තාගේ සායනික පොත සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම් , දුරකතනය මගින් ඔහු බෙහෙත් ගන්නා රෝහලට ඇමතුමක් ලබාදී තොරතුරු යාවත්කාලීන කළ යුතු බවද, එවිට එම තැනැත්තාගේ රෝහලේ කාර්ය මණ්ඩලය බෙහෙත් පැකැට්ටුව සකස් කර ලිපිනය, දුරකතන අංකය සඳහන් කර ලියුම් බෙදන නිලධාරිය මගින් ගෙනැවිත් බාරදෙනු ඇති බවද ජාසිංහ මහතා කියාසිටී.

රෝහල වෙත තොරතුරු සැපයීමේදී ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ග්‍රාම නිලධාරීගේද සහය ලබාගන්නැයි නිවේදනයේ දැක්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!